හෙන්දිරික්කා ප්‍රේමය

0
123
FB_IMG_1681178405072-31a5fa77

ඉස්සරම දවස්වල
මට ත් තිබුණා ප්‍රේමයක්…

හැන්දෑවට කෝල කර
හිනාවෙන
පාට පාට හෙන්දිරික්කා මල්
එක්ක
ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්…

එකින් එක මල් පීදෙන වෙලාවට
ටිකෙන් ටිකෙන් පාර බැලුවා කලාවට
වටෙන් ගොඩින් කළුවර එබෙන කොට
කඩාගෙනම ගියා නහය පුරුදුම සුවඳට..

මටත් තිබුණා ප්‍රේමයක්
ඉස්සරම දවස්වල හෙන්දිරික්කා මල් එක්ක

පහු කරන් මගේ පැල නුඹ යන්න යන කොට
ඉඟි කරන් මං උන්නේ නොතේරුණා ද නුඹට
කෑ ගහලා අඬාගෙන හිතුණාට එතෙන්නට
බැරිවුණා එදා මට වැට කඩුල්ල පනින්නට

ඉස්සරම දවස්වල මටත් තිබුණා
හෙන්දිරික්කා ප්‍රේමයක්..

මැලවෙලා ගිහින් මල් යාය කේඩෑරිව
අලවලා මගේ හිතම නුඹව උරාගෙන
දවසක හවස එල්ලුණාම රෝස මලක
අදත් මම වෛර නෑ හෙන්දිරික්කා එක්ක

ෆාති..✍️

0 0 வாக்குகள்
இதை மதிப்பிடுங்கள்
இங்கே பதிவு செய்க
என் கருத்துக்கு
0 கருத்துரைகள்
இன்லைன் பின்னூட்டங்கள்
எல்லா கருத்துகளையும் காண்க