අක්බාර් පාලම

0
186
IMG-20230411-WA0002-28e8ad78

ජූනි 14 අක්බාර් පාලම උඩදී….
“””””””””””””””””””””””””””””””””

අක්බාර් පාලම ළඟදි තරම්…
ජේත්තුකාර මහවැලියක්..
වෙන කොහෙදිවත්..
හම්බ වෙන්⁣නෙ නැතිව ඇති …

නිතර නිතර…
එතෙර මෙතෙරවුනු,
තුරුණු ඇස් බැල්මවල් වැදී…
සම්බාහනය වුනු ගඟ…..
සීතල දරාගන්නම බැරි වෙනකොට,
හරිත සළු පිළි පොරව ගත්තම…,
සුන්දරයි බදාගන්න හිතෙන තරමටම..

පාලම උඩට ආව ගිය
පෙම්වතුන්ගේ……
විරහ කතන්දරත්..
ලඟම යාළුවෙක් වගේ….
අහන් ඉන්න ඇති…
ඉවසගෙන…….

නිතරම ඇවිත් ගිය..
ආදරණීය, නිශ්මිලගෙ..
රන්ජිදම්ලගෙ….
ඇස් පහසත්..
ලබන්න තරම්…
වාසනාවන්ත වෙන්නැති මහවැලිය…..

හඳඑලිය වැක්කෙරුනු..
රාත්‍රීන් කොහොමට ඇත්දැයි……
හිතාගන්නවත් බැරි තරමයි…..
කාටත් හොරෙන්..
මෙතැනට ආව ගිය,
කවියොත් උමතු ⁣වෙනව ඇති….,
හොඳ කරන්න බැරි තරමටම……..

කැමිලෝ -22-06-20

0 0 வாக்குகள்
இதை மதிப்பிடுங்கள்
இங்கே பதிவு செய்க
என் கருத்துக்கு
0 கருத்துரைகள்
இன்லைன் பின்னூட்டங்கள்
எல்லா கருத்துகளையும் காண்க